Warna Books.lk

About Us

Warna.lk හුදෙක් පොත පතට ආදරය කරන, ආසාකරන ඔබ වෙනුවෙන්ම සැකසුණ සේවාවක් බව අප දන්වන්නේ සතුටිනි. ආර්ථික අරමුණු වලට වඩා පොතපත අතර ජීවත්වන ඔබට වඩාත් සුහදශීලි හා ගුණාත්මක සේවාවක් සැපයීම අපෙ අරමුණයි. ජනප්‍රිය ලේඛිකා මොනිකා පුෂ්පකුමාරිගේ සියලුම පොත් මුද්‍රණය කිරීමේ සම්පූර්ණ අයිතිය ඇති ලංකාවේ එකම ප්‍රකාශන ආයතනය වන warna graphic & publication යටතේ warnabooks.lk ක්‍රියාත්මක වන අතර මීට අමතරව දිවයිනේ ජනප්‍රිය කතුවරැනගේ ගුණාත්මක පොතපත ඔබ අතට පත්කරීම අපේ අරමුණයි.

Warna graphic ප්‍රකාශන වලට වෙනත් කිසිදු සේවාවක් මගින ලබාගැනීමට නොහැකි විශේෂ වරප්‍රසාද අප වෙතින් ලැබෙනු ඇත. අප ප්‍රකාශන ආයතනය මගින් නිකුත්කරන මොනිකා පුෂ්පකුමාරි ඇතුළු ජනප්‍රිය කතුවරැන්ගේ පොත් ගැන මුලින්ම තොරතුරු ඔබට මේ හරහා ලැබෙන අතර පිටු කීපයක් කියවීමේ හැකියාවද ලැබෙනු ඇත. මීට අමතරව වෙනත් ආතනයක් මගින් මුද්‍රණය කළ ඔබට උවමනා ඕනෑම පොතක් ඉල්ලුම් කර අපෙන් ලබාගැනීමට පුළුවන. warnabooks.lk හරහා ඔබ ලබාගන්නා ඕනෑම පොතකට සිත්ගන්නා වට්ටම් ලැබෙනු ඇත.

එන්න … ගුණාත්මක සමාජයක් ගොඩ නැගීමට පොතපත හරහා අප සමග අත්වැල් බැදගන්න…