Warna Books.lk

Save රු260.00

අගුරු මල් / Aguru Mal

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

🩶 තම දෑස් ඉදිරිපිට තම පෙම්වතියගේ මරණය දුටු තරුණයෙක්.

🩶 කුඩා වියේදීම විටින් විට අපයෝජන වලට ලක් වන අහිංසක මල් කැකුළක්.

🩶 පාසල් කාලය තුළ දී බුලි වීම් වලට ලක් වී , මානසික පීඩනය දරාගත නොහැකිව අධ්‍යාපනයට සමුදෙන නව යොවුන් දැරිවියක්.

🩶 එක දිගට එකම ආකාරයට සිදුවන දාම ඝාතන පෙළක්.

🩶 අවශ්‍ය පමණට වඩා දරුවන් කොටු කර , නීති රීති වලට යට කරමින් සෑදීම නිසා සිදුවන බරපතල ඛේදවාචකයක් .

🩶 තම දරුවන් පමණට වඩා විශ්වාස කල අහිංසක ගොවි පියෙක් සහ එම ව්ශ්වාසය නිසාම දරුණු විපතකින් ගැලවීමට හැකි වන දියණියක්.

🩶 මුදලට මිත්‍රකම් , මනුස්සකම් පාවා දුන් අධමයෙක්.

🩶 ප්‍රාණය අත් හැරියද හීන අත් හැරීමට නොහැකි වූ ආත්මයක්.

🩶මේ සියල්ලටම මැදිවන තරුණ පොලිස් ස්ථානාධිපතිවරයෙක්.

 

Description

Product Description

බලන්නකො මහත්තයෝ , ගමේ කාටත් උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ හිටපු මනුස්සයෙක් නෙව මේ. කිසිම කෙනෙක්ට වචනෙකින්වත් කරදරයක් කරපු මනුස්සයෙක් නෙමෙයි . මං උනත් දෙයියනේ කියල කීයක් හරි හොයාගෙන මේ කෙල්ලොන්ගෙත් බඩත් පුරවන් ජීවත් වුණේ ඔය මගෙ මස්සිනාට පින් අයිති වෙන්න. එහෙව් මනුස්සයා නේ මේ අපා දුකක් විඳල , සතෙක් වගේ මැරිල ගිහින් තියෙන්නේ. ”

” ඩ්‍රෝන එකෙන් ගත්තු වීඩියො ටික මගෙ පෙන් එකට දාන්න. ”

කඩේ මුදලාලිගේ වදන් කිසිවක් කනකට නොගත් සුවහස් ,ප්‍රියදර්ශන ට එසේ කියමින් කඩයෙන් එළියට පැමිණියේ ය.

පැය කිහිපයක් ම ස්ථානීය පරීක්ශාවන් සියල්ලම අකුරට සිදු කලද කිසිදු හෝඩුවාවක් හෝ සාක්ශියක් සොයාගත නොහැකි වූ තැන සුවහස් ගෙ සිතට සියලු බලාපොරොත්‍තු සුන් වීමේ හැඟීමක් ඇති වුණේ ය. පොලිස් ස්ථානය වෙත ගිය වහාම සුවහස් කරන්නට යෙදුණේ ඩ්‍රෝන යානාව මඟින් ගත් වීඩියො කිහිපය නීරික්ශණය කිරීමටයි. එක් වරම ,

” හරියට හරි ”

යනුවෙන් මේසයටද පහරක් ගසමින් ඔහු මහ හඬින් කෑගැසුවේ ය .

” ඇයි සර් , මොකද උනේ. ?”

” ප්‍රියදර්ශන , මෙහෙ එනවා. මේ බලනවා. මොකද්ද මේ පේන්නේ. ?”

විනාඩියක් පමණ ලැප්ටොප් තිරයට මුහුණ ඔබා සිටි ප්‍රියදර්ශන ,

“,දෙයියන්ට ඔප්පුවෙච්චාවේ. , සර් මේ හරි ( ✔️) ලකුණක් නේ. ”

” ම්හ්..ඔව්. තව ටිකක් හොඳට බලන්න. , ටිකක් ඈතට වෙන්න අර කොස් ගහේ මොකද්ද තියෙන්නේ කියලා. ”

” දෙයියෝ සාක්කි , සර් ඒ තරුවක් .මොකද්ද සර් මේ ?”

” තමුසෙට මොකෝ හිතෙන්නේ ?”

” මට හිතෙන්නෙද සර් ? ගිය සතියෙ මං දරුව බලන්න ගෙදර ගිය වෙලාවෙ මගේ අප්පච්චි කියල දරුව මොන්ටිසෝරියෙදි ඇඳපු චිත්‍රයක් ගෙනත් පෙන්නුවා මට. ඒකෙ කොල්ලා මාව ඇඳලා තිබුණේ. ටීචර් ඒකට පිටුව පුරා මගෙ ඇඳපු රූපෙත් හරි මැදින් කැපිල යන විදිහට ලොකු හරියක් දාලා තිබුණා. ඒක පැත්තකින් තරුවකුත් දාලා තිබුණා. මේක දැකපු ගමන් මට මතක් උනේ කොල්ලගෙ ඒ චිත්‍රේ. ”

” එතකොට මේ ටිකත් බලනවකෝ. මං මේ සූම් කරල මාක් කරල තියන ටික. ”

සුවහස් ලැප් ටොප් තිරය මත ඇති අලුත් මල සිරුරේ ජායාරූප මාරු කොට පරණ මල සිරුරු වල ලකුණු කල ස්ථාන කිහිපයක ජායාරූප ප්‍රියදර්ශන ට පෙන්නන්න පටන් ගත්තේ ය.

” හත්තිලව්වයි , ඒ කියන්නේ මේ ලේ පාරක් වගේ තියෙන පාර මේ හරි ලකුණ කියලද සර් ? ඒ කියන්නේ කලින් බොඩීස් වලත් මේ විදිහටම හරියක් දාල තිබිල තියෙනවා. “?

” ඔව් , ඊයේ රෑ ආයෙ ආයෙ ඔය පරණ ෆොටෝස් බලද්දි බොඩි වල විතරක් ඇදේට තිබුණු මේ පාර මං හොයාගත්තේ. ඕක කාටවත් නෝට් නොවුණේ මෙතන කලින් අරන් තියෙන හැම ෆොටෝ එකක්ම බිම ඉඳන් කවුරුහරි කෙනෙක් ගත්තු ඒව නිසා. ඒත් අද බොඩී එකේ ෆොටෝස් අපි මීටර් පනහක් විතර උඩට යවපු ඩ්‍රෝන එකෙන් ගත්තු නිසා මේ ඔක්කොම පැහැදිලිව පේන්න තියනවා. මේක හරියට ප්‍රියදර්ශන කිව්වා වගේම පොඩි උන්ගෙ පොත් වල ටීචර් කෙනෙක් දාන ලොකු හරියක් වගේ. ඒකත් එක්කම අර තරුව. වැඩේ , හොඳටම කලා කියන්න තමයි මෙහෙම හරියකුයි , තරුවකුයි දාන්න ඇත්තේ. ”

එවිටම වාගෙ සුවහස්ගෙ ජංගම දුරකථනය නාද වෙන්න පටන් ගත්තේ ය. අනෙක් පස දුරකථනයේ රැඳී සිටියේ රණබාහු ය.

” කියන්න අන්කල්. , ”

” පුතා ආයෙත් මර්ඩර් එකක්ද ? ”

” ඔව් අන්කල්. බලමු. මොකක් හරි කොනක් අහුවෙයි දැන් නම් ..”

 

Additional information
Weight 350 g